Saturday, October 4, 2014

අපිට මගහැරුනු ..අපේම ආදරය .

හයිවේ හැදුවට ,අලුතින් බිල්ඩින් ගැහැව්වට අපේ උන්ට දැන් ඕන කරන්නෙ ඔය කිසිදෙයක් නෙමෙයි .මේක අපෙ උන්ට ආදරේ ඕන කාලයක් .ආප්පයක් රු 100ට විකිනෙද්දි අපේ උන් හොයන්නෙ ,අපේ උන්ගෙ හදවත්  ඉල්ලන්නෙ ආදරේ හෝල්සේල් දාපු තැනක් .
 ආදරේ ගැන කතාකරපු නිසා උඹලට දැන් එක එක IDEA ගොඩක් ඔලුවලට එන්න ඇති .ඒත් ඔය කොයි අදහසත් මස්තිශ්ක වලින් වෙන් කරගෙන මාත් එක්ක සෙට් වෙන්න .
අද මං කියන්නෙ උඹලා,අපි මේ කරන ලව් ගැන නෙමෙයි .අපි ඔය මොන මල ඉලව්ව කරන්නත් කලින් කරන පට්ටම පට්ට ආදරයක් ගැනයි අද කියන්නේ .
මේ ආදරේ ගොඩක් වෙලාවට දැනෙන්න් නෑ .අපි ඒක හොයන්නෙත් නෑ .හැබැයි අපි හෙවිය යුතු ,අපි සොයාගත යුතු ඒ ආදරේ මාර වටින ආදරයක් .
මං අහනවා උබලගෙන් ප්‍රශ්නයක් ...?
මේ ලෝකෙ මොන ආදරේ ..මොන විදියට තිබ්බත් ඒ මොන ආදරේද ?උඹලා මහ රෑ කලුවරත් එක්ක ගෙදර එනකන් මග බලන් ඉන්නෙ ?
රෑ නිදිමත ඇවිත් ඒ ඇස් නිදි කරන්න උත්සහ කරද්දිත් උඹට තියෙන ආදරේට ඒ ඇස් පියවෙන්නෙ නෑ .ඒ ඇස් නිදාගත්තත් හෙට අලුයමක් ගැන රෑ නින්දෙදි හීන දකින්නෙ මොන ආදරේද ?හැබැයි ....
අපිට ඒ ආදරේ ලැබෙනවා .මේ හැමෝටම .
අපි ඒක වැඩිය හිතන්නෙ නෑ .ඒත් කවදහරි අපි ඒ තැනට ආපු දවසක ඒ ආදරේ ගැන අපේ හදවත් පට්ට විදියට ආදරේකින් පිරෙනවා ...ඒ වෙන කෙහෙල්මල් බම්බු ආදරයක් නෙවෙයි .උඹලාව මේ ලෝකෙට බිහි කරපු උඹේම ආදර අම්මගෙ ආදරය .....

අම්මල අමු අමුවෙ ඝාතනය වන යුගයක මහ පාරවල් මැද දාල යන යුගයක උඹේ අම්මව රැකගනින් .මොකද ඒ ආදරේ ,ඒ ජීවිතේ අපිට ,මට ,උඹට ඒ තරම්ම වටින නිසා .ඒ ආදරේට අපි ආදරේ කරන්න ඕන නිසා .
සද දියකොට ..
කිරිවතුරෙන් ....
ඒ දියරෙන් මුව දෝවා ....
දිව මතුරක වන් නැළවිලි ගීයෙන් ...
මතකයි මා නැළවූවා ...
ජීවිතයෙන් ජීවිතයක් ගෙනදී ඒ ..
ජීවිතයට නව පණ දී ..
මා දැඩි කල අම්මා ..........................
ඉතින් ඇගේ මුලු ජීවිතයම අපිට කැප කරනවා නම් ඇයි ?ඇයි අපිට බැරි එක මොහොතකට ඒ ජිවිතේ වෙනුවෙන් අපේ ජීවිතෙ කැප කරන්න .
මේක පොඩි කතාවක් .....


"පුතෙක් ඉන්නවා .අම්ම කෙනෙකුත් ඉන්නව .පුතා ඉස්කෝලෙ ගිහින් ඇවිත් කොලයක් බෑග් එකෙන් අරන් විසිකරනවා ඇද යටට .පහුවදා අම්ම ගේ අස් කරනව .අම්ම අතුගාද්දි අර කොලේ දැකල ඒක අරන් කියවනවා .ඇගේ දකුනු කම්මුල දිගෙ කදුලු කැට එක දෙක රූරගෙන වැටෙනවා .කොල්ල ගෙදර ආවම් අම්ම ආදරෙන් අහනව ...."ඇයි ?පුතේ උඹ මේ මවුපිය රැස්වීමෙ කොලේ විසික්කරේ ...මට දෙන්නැතිව .කියල
කොල්ල කියනව ,"මට බෑ අම්මෙ ..අම්මව ඉස්කෝලෙට ගෙනියන්න .අම්මග් එක ඇහැක් නැති නිසා මට ලැජ්ජයි" කියල.ඒ අම්මගෙ වම් ඇහැ නෑ .ඇගේ දකුණු කම්මුල කදුලින් තෙත් වෙද්දි ඈ මෙහෙම කියනව ....
"පුතෙ උඹ දන්නවද ?උඹ ඉපදෙද්දි උඹේ වම් ඇහැක් තිබ්බෙ නෑ ..මට එදා මේ ඇහැ උඹට දෙන්න ලැජ්ජ හිතුනෙ නෑ.." කියල ..
නිරුත්තර දෑසින් කොල්ල අම්මව බදාගෙන හයියෙන් අඩනව .ඒ නිසා උඹලාටත් උඹලගෙ අම්මව මිස් වෙන්න කලින් බදාගෙන හයියෙන් ඉඹපං .ඇගේ ලැමට තුරුල් වෙලා ළයට ඇහුන්කන් දීපන් .උඹට තේරෙයි ...ඇත්ත ආදරේ මොකක්ද කියල .

අපේ අම්මල කැලෑවල දර කඩන්නෙ නැතිව ඇති ....දර ලිප්වල දැලි ගාගෙන උයන්නෙ නැතිව ඇති .ඒත් මේ හැම අම්ම කෙනෙක්ගෙම ආදරේ එක වගේ කියන එකත් ..මේ හැම අම්මගෙම ලේ කිරි වෙනව කියන එකත් මතක තියා ගනිං .ඒ ආදරෙ ඒ තරම්ම වටින ආදරයක් .
උඹට දුකක් දෙන්නෙ නැතිව ,උඹට ඕන හැමදේම අරං දීල ,උඹව ආදරෙන් බලාගන්න ,ඈට ඕන දේවල් නොගෙන උඹට ඕන දේවල් අරංදෙන්න ඒ ආදරෙ කොච්චර වටිනව ඇද්ද ?
සමහර විට උඹ රට්ටුන්ට පේන්න මහ උජාරුවට පට්ට ෆැශන් කරනව ඇති.ඒත් බලපං .අම්ම මේ අවුරුදු ගානටම එක ඇදුමක් අලුතින් අරගෙන නැතිව ඇති .දැන් මෙන්න මේ පද ටිකත් එක්ක උඹේ අම්ම ගැන හිතපං ....ඇහැට කදුලක් එනවනං ඇයි නොඅඩ ඉන්නෙ අඩපං ...උඹට අඩන්න ලැජ්ජයි වගේ නං හැංගිලා හරි අඩපං .එක කදුලක් අමම වෙනුවෙන් වැටෙන්න ඇරපං ...ඊට පස්සෙ අම්මව තදින් ඉඹපං .උඹේ අම්මව කවදාවත් නැති විදියට උඹට පෙනෙයි ...උඹට දැනෙයි .උඹ මේ ප්‍රාර්ථනය කරප .....

වෙල් දෙණිවල ඇවිදි දෙපා රිදෙන විට ....
විහඟ ගීත බණ පද වේවා..
බෝ මලුවක දැල්වෙන පහන් වැටක් සේ ....
මෙත් මග නිවී සැදේවා....
මතු උපදින සසරෙ විශාකව වී ...
මෙත් මග නෙත් හමුවේවා ..
ඇත් රැජිනියනේ  නුඹෙ නැලවිලි ගීතය ...
ලොවම නිවන කවියක් වේවා ......

මං මේක පටන් ගද්දිම කිව්වනෙ විශේෂයි කියල .ඒ මගේ අම්ම සම්බන්ධයෙන් පට්ට ආදරයක් හිතේ තියාගෙන ,ඒ හිතේ තියෙන දේ  ටයිප් කරන්න අසාර්ථක උත්සහයක යෙදෙද්දි ..මට එබෙන්නෙ මොනවද කියන එක හරියටම කියන්න අමාරුයි .අම්ම කෙනෙක්ගෙ භූමිකාවෙන් එහාට ගිහින් මහා මෙරු පර්වතේ වගේ ඉදං හැම දුකක්ම දරාගන්න අම්මට ,තියෙන ආදරේ කොහොම කියන්න්ද ?
සාමාන්‍යයෙන් උපන්දිනේට කලින් තෑගි දෙන්නෙ නෑලු ..හැබැයි මේ සිදුහත් කුමාරයට මගෙ මහමායාවට දෙන්න ලොකු පඬුරු,තෑගි නැතිකොට මේ පද පේලිය ආදරෙන් පුදකරන්නම් .
ආදරයේ උල්පත වූ අම්මා ..
මා නුඹගේ පුතු වූ ..
ඔබ  මතු බුදුවන ද්වසේ ...
මා රාහුල කුමරුන් සේ ...
සෙවණ පතා අද මෙන් පැමිනෙන්නම් ...
සුළැගිල්ලේ එල්ලී ....
උබලට මොනව හරි තේරෙන්න ඇති ...මුකුත් තේරුනේ නැත්නම් ,කවදහරි මේ කිව්ව දේ තේරෙයි .....!