හයිවේ හැදුවට ,අලුතින් බිල්ඩින් ගැහැව්වට අපේ උන්ට දැන් ඕන කරන්නෙ ඔය කිසිදෙයක් නෙමෙයි .මේක අපෙ උන්ට ආදරේ ඕන කාලයක් .ආප්පයක් රු 100ට විකිනෙද්දි අපේ උන් හොයන්නෙ ,අපේ උන්ගෙ හදවත් ඉල්ලන්නෙ ආදරේ හෝල්සේල් දාපු තැනක් .
ආදරේ ගැන කතාකරපු නිසා උඹලට දැන් එක එක IDEA ගොඩක් ඔලුවලට එන්න ඇති .ඒත් ඔය කොයි අදහසත් මස්තිශ්ක වලින් වෙන් කරගෙන මාත් එක්ක සෙට් වෙන්න .
අද මං කියන්නෙ උඹලා,අපි මේ කරන ලව් ගැන නෙමෙයි .අපි ඔය මොන මල ඉලව්ව කරන්නත් කලින් කරන පට්ටම පට්ට ආදරයක් ගැනයි අද කියන්නේ .
මේ ආදරේ ගොඩක් වෙලාවට දැනෙන්න් නෑ .අපි ඒක හොයන්නෙත් නෑ .හැබැයි අපි හෙවිය යුතු ,අපි සොයාගත යුතු ඒ ආදරේ මාර වටින ආදරයක් .
මං අහනවා උබලගෙන් ප්‍රශ්නයක් ...?
මේ ලෝකෙ මොන ආදරේ ..මොන විදියට තිබ්බත් ඒ මොන ආදරේද ?උඹලා මහ රෑ කලුවරත් එක්ක ගෙදර එනකන් මග බලන් ඉන්නෙ ?
රෑ නිදිමත ඇවිත් ඒ ඇස් නිදි කරන්න උත්සහ කරද්දිත් උඹට තියෙන ආදරේට ඒ ඇස් පියවෙන්නෙ නෑ .ඒ ඇස් නිදාගත්තත් හෙට අලුයමක් ගැන රෑ නින්දෙදි හීන දකින්නෙ මොන ආදරේද ?හැබැයි ....
අපිට ඒ ආදරේ ලැබෙනවා .මේ හැමෝටම .
අපි ඒක වැඩිය හිතන්නෙ නෑ .ඒත් කවදහරි අපි ඒ තැනට ආපු දවසක ඒ ආදරේ ගැන අපේ හදවත් පට්ට විදියට ආදරේකින් පිරෙනවා ...ඒ වෙන කෙහෙල්මල් බම්බු ආදරයක් නෙවෙයි .උඹලාව මේ ලෝකෙට බිහි කරපු උඹේම ආදර අම්මගෙ ආදරය .....
අම්මල අමු අමුවෙ ඝාතනය වන යුගයක මහ පාරවල් මැද දාල යන යුගයක උඹේ අම්මව රැකගනින් .මොකද ඒ ආදරේ ,ඒ ජීවිතේ අපිට ,මට ,උඹට ඒ තරම්ම වටින නිසා .ඒ ආදරේට අපි ආදරේ කරන්න ඕන නිසා .
සද දියකොට ..
කිරිවතුරෙන් ....
ඒ දියරෙන් මුව දෝවා ....
දිව මතුරක වන් නැළවිලි ගීයෙන් ...
මතකයි මා නැළවූවා ...
ජීවිතයෙන් ජීවිතයක් ගෙනදී ඒ ..
ජීවිතයට නව පණ දී ..
මා දැඩි කල අම්මා ..........................
ඉතින් ඇගේ මුලු ජීවිතයම අපිට කැප කරනවා නම් ඇයි ?ඇයි අපිට බැරි එක මොහොතකට ඒ ජිවිතේ වෙනුවෙන් අපේ ජීවිතෙ කැප කරන්න .
මේක පොඩි කතාවක් .....
"පුතෙක් ඉන්නවා .අම්ම කෙනෙකුත් ඉන්නව .පුතා ඉස්කෝලෙ ගිහින් ඇවිත් කොලයක් බෑග් එකෙන් අරන් විසිකරනවා ඇද යටට .පහුවදා අම්ම ගේ අස් කරනව .අම්ම අතුගාද්දි අර කොලේ දැකල ඒක අරන් කියවනවා .ඇගේ දකුනු කම්මුල දිගෙ කදුලු කැට එක දෙක රූරගෙන වැටෙනවා .කොල්ල ගෙදර ආවම් අම්ම ආදරෙන් අහනව ...."ඇයි ?පුතේ උඹ මේ මවුපිය රැස්වීමෙ කොලේ විසික්කරේ ...මට දෙන්නැතිව .කියල
කොල්ල කියනව ,"මට බෑ අම්මෙ ..අම්මව ඉස්කෝලෙට ගෙනියන්න .අම්මග් එක ඇහැක් නැති නිසා මට ලැජ්ජයි" කියල.ඒ අම්මගෙ වම් ඇහැ නෑ .ඇගේ දකුණු කම්මුල කදුලින් තෙත් වෙද්දි ඈ මෙහෙම කියනව ....
"පුතෙ උඹ දන්නවද ?උඹ ඉපදෙද්දි උඹේ වම් ඇහැක් තිබ්බෙ නෑ ..මට එදා මේ ඇහැ උඹට දෙන්න ලැජ්ජ හිතුනෙ නෑ.." කියල ..
නිරුත්තර දෑසින් කොල්ල අම්මව බදාගෙන හයියෙන් අඩනව .ඒ නිසා උඹලාටත් උඹලගෙ අම්මව මිස් වෙන්න කලින් බදාගෙන හයියෙන් ඉඹපං .ඇගේ ලැමට තුරුල් වෙලා ළයට ඇහුන්කන් දීපන් .උඹට තේරෙයි ...ඇත්ත ආදරේ මොකක්ද කියල .
අපේ අම්මල කැලෑවල දර කඩන්නෙ නැතිව ඇති ....දර ලිප්වල දැලි ගාගෙන උයන්නෙ නැතිව ඇති .ඒත් මේ හැම අම්ම කෙනෙක්ගෙම ආදරේ එක වගේ කියන එකත් ..මේ හැම අම්මගෙම ලේ කිරි වෙනව කියන එකත් මතක තියා ගනිං .ඒ ආදරෙ ඒ තරම්ම වටින ආදරයක් .
උඹට දුකක් දෙන්නෙ නැතිව ,උඹට ඕන හැමදේම අරං දීල ,උඹව ආදරෙන් බලාගන්න ,ඈට ඕන දේවල් නොගෙන උඹට ඕන දේවල් අරංදෙන්න ඒ ආදරෙ කොච්චර වටිනව ඇද්ද ?
සමහර විට උඹ රට්ටුන්ට පේන්න මහ උජාරුවට පට්ට ෆැශන් කරනව ඇති.ඒත් බලපං .අම්ම මේ අවුරුදු ගානටම එක ඇදුමක් අලුතින් අරගෙන නැතිව ඇති .දැන් මෙන්න මේ පද ටිකත් එක්ක උඹේ අම්ම ගැන හිතපං ....ඇහැට කදුලක් එනවනං ඇයි නොඅඩ ඉන්නෙ අඩපං ...උඹට අඩන්න ලැජ්ජයි වගේ නං හැංගිලා හරි අඩපං .එක කදුලක් අමම වෙනුවෙන් වැටෙන්න ඇරපං ...ඊට පස්සෙ අම්මව තදින් ඉඹපං .උඹේ අම්මව කවදාවත් නැති විදියට උඹට පෙනෙයි ...උඹට දැනෙයි .උඹ මේ ප්‍රාර්ථනය කරප .....
වෙල් දෙණිවල ඇවිදි දෙපා රිදෙන විට ....
විහඟ ගීත බණ පද වේවා..
බෝ මලුවක දැල්වෙන පහන් වැටක් සේ ....
මෙත් මග නිවී සැදේවා....
මතු උපදින සසරෙ විශාකව වී ...
මෙත් මග නෙත් හමුවේවා ..
ඇත් රැජිනියනේ නුඹෙ නැලවිලි ගීතය ...
ලොවම නිවන කවියක් වේවා ......
මං මේක පටන් ගද්දිම කිව්වනෙ විශේෂයි කියල .ඒ මගේ අම්ම සම්බන්ධයෙන් පට්ට ආදරයක් හිතේ තියාගෙන ,ඒ හිතේ තියෙන දේ ටයිප් කරන්න අසාර්ථක උත්සහයක යෙදෙද්දි ..මට එබෙන්නෙ මොනවද කියන එක හරියටම කියන්න අමාරුයි .අම්ම කෙනෙක්ගෙ භූමිකාවෙන් එහාට ගිහින් මහා මෙරු පර්වතේ වගේ ඉදං හැම දුකක්ම දරාගන්න අම්මට ,තියෙන ආදරේ කොහොම කියන්න්ද ?
සාමාන්‍යයෙන් උපන්දිනේට කලින් තෑගි දෙන්නෙ නෑලු ..හැබැයි මේ සිදුහත් කුමාරයට මගෙ මහමායාවට දෙන්න ලොකු පඬුරු,තෑගි නැතිකොට මේ පද පේලිය ආදරෙන් පුදකරන්නම් .
ආදරයේ උල්පත වූ අම්මා ..
මා නුඹගේ පුතු වූ ..
ඔබ මතු බුදුවන ද්වසේ ...
මා රාහුල කුමරුන් සේ ...
සෙවණ පතා අද මෙන් පැමිනෙන්නම් ...
සුළැගිල්ලේ එල්ලී ....
උබලට මොනව හරි තේරෙන්න ඇති ...මුකුත් තේරුනේ නැත්නම් ,කවදහරි මේ කිව්ව දේ තේරෙයි .....!
Saturday, October 4, 2014
Sunday, September 21, 2014
පස්ස පැත්තේ ඇදය අමුඩයෙන් වැසීම .....
අද හෙන දුශ්කර පලාතක වැඩිහිටියෙක් දෙන්නෙක් අමුඩය ඇන්දත් අමුඩය කියන එක සමස්තයක් විදිහට භාවිතයෙන් බැහැරව ගිහිල්ල ...අද කාලෙ අමුඩය ගහගෙන ඉන්නවා කියන්නෙ එය ශිෂ්ට නෑ කියන වගේ එකක් තියෙනව .මොකද අමුඩෙන් වැහෙන්නෙ පිරිමි ශරීරයෙ අත්‍යවශ්‍යම කොටස විතරක් නිසා .පස්ස පැත්ත පවා හෙලුවෙන් තියෙන්නෙ ...කොටින්ම විලි වසා ගැනීමෙ ක්‍රමයට ගත්තොත් අද කාලෙ UNDERWEAR එකෙනුත් ඊට වඩා ඇග වැහෙනවා ..ඒ නිසා අද කාලෙ පොඩි එකෙක් අමුඩය ඩැදපු එකෙක් දැක්කොත් හොල්මන්ද ..පොල් කොල වගේ වෙන්න තියෙනවා ..හික්ස්
මොනව වුනත් 90 එවුන්ට කලින් පරම්පරාවල වැඩිහිටියන් එක සීරුවට අමුඩ ඇදගෙන සභාවල පවා හිටියා .ඒ කාලෙ අමුඩය කියන්නෙ පිරිමි පෞරුෂය හොදින් පිලිබිඹු වන ඇදුමක් .ඒක ඇදගෙන ඉන්න ඕන නම් තමන් ගැන හෙන ගටක් තියෙන්න ඕන .හෙන හයේ හතරේ එකෙක් අමුඩයක් ගැහුවම යකා වගේ තමා පේන්නෙ .ඒක නිසා ඒ කාලෙ පිරිමින්ට ගෙවල්වල ගෑනු කිව්වෙ මහ එකා කියල .ඒ වගෙ ලොකු ආමන්ත්‍රනයක් පිරිමින්ට ලැබෙන්න අමුඩයත් බොහෝ හේතු උනා .....
අද කාලෙ ඕන ගොබ්බ පිරිමි ශරීරයක කැත වහන්න කලිසමකට ,කමීසයකට පුලුවන් .ඒක නිස පිරිමි මේ වෙලාවෙ තමන්ගෙ පෞරුෂයට වඩා ඇදුම්වල පෞරුෂය පිලිබද විශ්වාසය තියල තියෙන්නෙ
ඒක නිසා aඅද කාලෙ පිරිමින්ට ගෙවල්වල ඉන්න ගෑනු කතා කරන්නෙ "බබා "කියල .මහ එකා බබා වෙල .ඒක නිසා ගෑනු නිතරම පිරිමින්ට අවවාද කරන්ව ...
අරක කරන්න එපා ..මේක කරන්න එප ..එයාව ආශ්‍රය කරන්න එපා ..රෑ වෙලා ගෙදර එන්න එපා ...ඔයාලගෙ අම්මගෙ ගෙදර ගිහින් මට අහුවෙන්න එපා ...මල්ලිගෙ වෙඩින් එකට වියදම් කරල මගෙන් ගුටිකන්න එපා ...
වගේ කතා තමයි ..අද කාලෙ පිරිමි ගෑනුන්ගෙන් උදේ ඉදලම අහගන්නෙ .අයුක්තිය හමුවේ පිරිමින්ට තමන්ගෙ ස්ථාවරයේ ඉන්න පුලුවන් ගට /ශක්තිය කලිසම නිසා නැතිවෙලා ගිහින් ඇති .
එදා මිනිස්සු වත්ත පිටියෙ හැම වැඩ කටයුත්තක්ම කලේ අමුඩය පිටින් .විශේශයෙන් කුඹුරු වැඩ කල්ලෙම අමුඩය පිටින් .අද කාලෙත් කුඹුරු සම්බනදයෙන් වන රාජ්‍ය උත්සව වලදී ගොවීන් කියල වී මෝල් කාරයන්ට හොද කිරි කිරි පාට අමුඩ අන්දලා ඇමතියො එන වෙලාවට වෙලට බස්සනවා .ඒ අයත් ජීවිතේට ඇදපු නැති අමුඩය ගහගෙන ...ජනාධිපතිතුමාගෙත් අවධානය ලැබේවායි කියාගෙන බොහොම කැමැත්තෙන් අදිනවා ..TV චැනල් වලින් ජාතික ආලෙ හදාන්න මේ අමුඩේ හොදට පේන විදිහට කැමරා අල්ලනවා .පත්තරවලින් පොටෝ ගහගන්නවා .ඊට පස්සෙ ඒ අමුඩ ඇමති වරුන් එක්ක සම්බන්ධ කරලා TV චැනල් වල පත්තරවල දානවා ..එතකොට අර කුඹුරුවලට බැහැපු මෝල් හිමියන් මේ ලෝකයෙන් වහන් හිටපු ඇගවල්වල කැත සමාජය ඉදිරියේ පෙන්නනවා .ඊට පස්සෙ එයාලගෙ ලමයි ගේම ඉල්ලනවා ..පන්තියේ එවුන් "උඹලගෙ තාතගෙ කලු *ක TV එකෙ පෙන්නුවා "කියල විහිලු කරනවා .ඒ නිසා ඉස්කෝලෙ යන්න බෑ කියල කියනවා .තව එකෙක් ගාව පත්තරේ ගිහිපු පොටෝ එකකුත් තියෙනවා කියල උන් අඩනවා.ගෑනු ගේම ඉල්ලන්වා .අමුඩෙ ගහපු එකාගෙ යාලුවො විහිලු කරනවා .දැන් ඉතින් රෙදි ඇදන් හිටියට වැඩක් නෑ ..උබේ *ක ලංකාවම දැක්ක කියනවා .ඒක නිසා ඒ කාලෙ වගේ නෙමේ විනාඩි දෙක තුනකට උනත් අමුඩයක් ඇදීමෙන් අද දවසේ කෙලවීමට නියමිත කාරණා තියෙනව .
අද කාලෙ මිනිස්සු අමුඩය මග හැරීම හෙන සංවර්ධනයක් විදියට දකිනවා .උන් හීන මවන්නෙ තවදුරටත් සපත්තු මේස් දාල ,ලොකු කලිසම් ටී ශර්ට් ඇදගෙන ලොකු තැන්වල වැඩ කරල ,ලොකු තැනකින් අසාද බැදල ..ලොකු කාර් වලින් ඇවිදල ..,හැන්දෑවට ලොකු තැනකින් කෑම අරන් ,ලොකු ගේට්ටුවක් ඇරල ,ලොකු වත්තක ,තඩි බල්ලෙක් මැදි කරගෙන ,ලොකු ගෙයක් ඇතුලට යන්න හීන මවන එක .අද දවසේ දී 90 එවුන් පවා එහෙමයි .ඒත් ඉතින් *කේ ඇදය අමුඩෙන් වහන්න බෑ කියන කතාවත් කොහෙන් හරි උනට ඇහිල..
Subscribe to:
Posts (Atom)

