Monday, January 26, 2015

එලකිරි එකේ අයිය කෙනෙක් අපේ කොල්ලන්ට දීපු පට්ටම පට්ට ටෝක්ස් ටිකක්

එලකිරි එකේ අයිය කෙනෙක් අපේ කොල්ලන්ට දීපු පට්ටම පට්ට ටෝක්ස් ටිකක් ...සදාචාරත්මක වෙන්න ඕන නිසා සමහර ඒව ටිකක් වෙනස් කලා ...


මම කට්ට කාලා හදාගත්ත ජීවිතෙන් උබලට කියන්න ඕනේ දේවල් හුගාක් කියලා දුන්නා. සමහර දේවල් හරි ඇති.
සමහර දේවල් වැරදි ඇති.. සමහර දේ වලට උබලා එකග ඇති.. සමහර දේ වලට උබලා එකග නැතුව ඇති.අද කියන්න යන්නේ
මේ එලකිරියේ ඉන්න මල්ලිලාට විශේශිත කතාවක්. හැබැයි මම දන්නවා මේකට උබලා එකග වෙන්නේ නෑ.
 මොකද අපේ ආතලා මේක කියනකොට අපේ තාත්තලා එකග උනේ නෑ. තාත්තලම ඒක තේරුම් අරන් කියනකොට අපිට ඒක තේරුනේ නෑ.
අපිත් තේරුම් අරන් කියනකොට ඒක අපේ දරුවන්ට තේරෙන්නේ නෑ. ඒත් මේ කියන්න
යන්නේ එක් යතාර්තයක්... ජීවිතේට ගන්න පුලුවන් දෙයක්

කෙල්ලෝ.....

ඔව් අපේ මල්ලිලට ලොකු සබ්ජෙක්ට් එකක්...
 හුගාක් ඔය ඕලෙවල් පන්තිවල ඉස්සරහින්ම ඉන්න බ්‍රයිට් "ක්‍රියාශීලී" (පොත් ගුල්ලෝ නෙමේ ) කොල්ලෝ ටික ඒලෙවල් ඇනගන්නෙත්
ඒ ලෙවල් වල ඉන්න හොද බ්‍රයිටෝ ඇනගන්නෙත් ඔය ගෑනු සබ්ජෙට් එක නිසා තමා

ඇයි පොඩි කොල්ලෝ මැරීගෙන කෙල්ලො පස්සේ ගිහින් කෙලවගන්නේ.
පලවෙනි සාදකේ මුන්ගේ  තියෙන හෝමෝන ක්‍රියාකාරිත්වය
දෙවෙනි එක සෙට් එකේ පොරක් වෙන්න ඕනේයි කියන මානසිකත්වය
තුන්වෙනි එක ඔය හතට අටට යන පිස්සු පීකුදු ටෙලිනාට්ටි ටිකයි, සුජිව අයියා ප්‍රමුක හාල් පාරුවෝ සෙට් එක
 එදා වේල හොයන් දරුපව්ල නඩත්තු කරන්න ලියන පොත් සෙට් එක වගේ දේවල්

ජිවිතේ ඉසෙල්ලම කෙල්ලෙක්ට හිතගියාම මූ හිතන්නේ මේක තමා
 භාන්ඩේ මෙතනින් එහාට ලෝකයක් නෑ. මේක නැතුව මොකුත් බෑ වගේ
ඒකම කේන්ද්‍ර කරගත්ත සිතුම් පැතුම් සමූහයක්. එතින් ඔය සබ්ජෙක්ට් එකෙන් තමන්ගේ අද්යාපනයට 100ට 100ක්ම පහර වදිනවා

ඔය කියන තරම් එකා මත්තෙම මැරෙන්න කෙල්ලෝ හිගද?
ඔය ප්‍රශ්නේ පොඩි එකෙක්ගෙන් ඇහුවොත් කියයි හපෝයි ඔව්.
ආයේ කොහොම එයා වගේ කෙනෙක් හොයන්නද කියලා.
27-28 වෙච්ච හොදට ඉගෙනගත්ත හොද රස්සාවක් කරන ජීවිතේ හදාගත්ත එකෙක්ගෙන් අහලා බලපන්කෝ ඔය ප්‍රශ්නේ..
උන් කියයි ඕකත් අහන්නත් දෙයක්ද ඔය ලාහට ගනින්න ඕනේ තරම් ඉන්නේ හියලා.ඔය කෙල්ලන්ගේ අම්මල තාත්තලට දීගන්න බැරුවයි
 කෙල්ලන්ගෙන් 75%ක්ම ඉන්නේ,. වෙන මොකුත් නිසා නෙමේ ගැලපෙන කොල්ලො නැති නිසා..
 25 පැන්නගමන් කෙල්ලන්ගේ සේරම් ගෑස් බැහැලා පූස් පැටව් වගේ වෙනවා.
හැබැයි ඒ යම් විභවයක් තියෙන කොල්ලෝ ඉස්සරහදි විතරයි... අවන්කවම මල්ලියේ හිතේ තියෙන පුහු මන්සගාත අත ඇරලා හොදට ඉගෙනගනිල්ලා.
අනික ඔය පොඩි කාලේ ඉන්න කෙල්ලෝ නෙමේ ලොකු උනාම ඉන්නේ (බහුතරයක් )
උබට ජීවිතේ වැරදුනු තැනදි උබ හිතන්නේ නැති වේගෙන් හැමදේම කඩන් වැටෙනවා. පොඩි කාලේ අපි කෙල්ලෙක් දිහා බැලුවොත් කෙල්ලන්ගේ
 අම්මලා තාත්තලා රවලා බලන්නේ කන්න වගේ. ඒත් උබ ටිකක් ඉගෙනගෙන හොද තැනකට ඇවිත් බලපන්කෝ..
 අහල පහල නෑදෑයින්ගේ කෙල්ලො ඉන්න දෙමව්පියෝ වඩාගන්නේ නැති ටික විතරයි.

ඇත්තම කතාව මේකයි මල්ලියේ.. ලංකාවේ කෙල්ලො හිගයක් නෙමේ තියෙන්නේ,
හිගයක් තියෙන්නේ කොල්ලන්ගේ. ඕනකරන හැමදේම  තිබ්බට කොල්ලෙක් වෙන්නේ නෑනේ මල්ලියේ.
 යමක් කමක් හදාගත්ත, ඉගෙනගත්ත, විභවයක් තියෙන කොල්ලො තමයි නැත්තේ.
පොඩ්ඩක් ඔය හොයලා බලපන්කො හොද තත්වෙක ඉන්න අය්යලට එහෙම ගෑනු හොයන්න මහ ලොකු ගේමක් දෙන්න උනාද කියලා
 (එහෙමත් හාල් පාරුවෙක් ඇරෙන්න ). ඒත් ගෙවල්වල කොච්චර කෙල්ලෝ ඉන්නවද කසාද බදින්න කොල්ලෝ නැතුව
අනික මල්ලියේ හුගාක් වෙලාවට හොද කෙල්ලෝ ඔය ලාභ බඩු වගේ එක එකා එක්ක එල්ලි එල්ලි යාලු වෙන්නේ නෑ,
උබලටත් නංගිලා අක්කලා ඉන්නවනම් සන්සන්දනේ කරලා බලන්න පුලුවන්.
 ඕනේ තරම් රත්තරං කෙල්ලෝ ගෙවල්වල ඉන්නවා අම්ම තාත්ත එක්ක බොහොම යස අගේට.
වැඩේ තියෙන්නේ උබ තත්වය හදාගන්න ඕනේ ඒවගේ කෙල්ලෙක් ලබාගන්න, හැබැයි ඒ වැඩේ කරන්න ටියුශන් කට්කරලා බස් හෝල්ට් ගානේ ලැගලවත්,
ක්ලාස් ගානේ ලැගලවත් ස්කූල් බස් වල සෙවල පෙරලවත් බෑ. එහෙම උනොත් උබට ලැබෙන්නෙත් උබ වගේම බාග මෝලෙන් ඉන්න ගම් බඩ්ඩක් තමා.

ඒනිසා ආයෙම ආයෙම කියන්නේ අම්ම තාත්තගේ හීන කොහෙවත් යන ජ** වලට පාවා දෙන්නේ නැතුව ඉගෙනගනිල්ලා. ජීවිතේ හදාගනිල්ලා

පොශ් බ** හා ගොන් බ** අතර වෙනස

ඔය 17-22 අතර ඉන්න මල්ලිලා ඔන්න ඔය දෙක වගුවක (පොශ් බ** හා ගොන් බ** අතර වෙනස
) කාරනා කාරනා ලියල තියාගෙන ඉදලා බලපල්ලා. අනිවා කියන්නේ උබ ආයෙම ඕක ලියන්න ගත්තොත්
අව්රුදු 27/28 දි විතර උබලා ඕකේ දෙපැත්ත මාරු කරලා ලියන්නේ.
ඉස්සෙල්ලම මල්ලියේ උබෙන් ඇහුවොත් කියයි සුදු වෙන්න ඕනේ, මට හුගාක් ආදරේ කරන්න ඕනේ, කොන්ඩේ මෙහෙම වෙන්න ඕනේ,
,මම ලගින්ම ඉන්න රත්තරං නංගියෙක් වෙන්න ඕනේ වැල් බයිලා රාශියක්.
උබ ඕක ඇහුවිත් තැනක ඉන්න ජිවිතේ දින්න එකෙක්ගෙන් උබට මොනවගේ කෙල්ලෙක්ද ඕනේ කියලා ඌ කියයි අනිවා ඉගෙනගත්ත එකියක් වෙන්න ඕනේ බන්,
නැත්නම් කොහොමද එකට ජීවත් වෙන්නේ ජීවිතේ ගෙනියන්නේ, ලමයිනුත් මැට්ටෝ වෙනවනේ බන්,
හොද අවබෝදයෙන් ජිවත් වෙන්න බුද්දියක් තියෙන්න ඕනේ, හදිස්සියේ ලෙඩක් අසනීපයක් උනොත් පව්ල ඇදන් යන්න පුලුවන් වෙන්න ඕනේ,
ඔන්න ඔහොම උබේ මතයට සම්පූර්න වෙනස් උත්තරයක් දෙයි, හැබැයි මල්ලියේ ඒ වගේ තැනකට එන්න උත්සාහ කරන හෝ ඒ මාර්ගයේ ගමන් කරන කෙල්ලෙක්
උබලට ජීව්තේට බස් හෝල්ට් ගානේ ලැගලා ක්ලාස් ගානේ ලැගලා හොයන්න බෑ, එකම විකල්පයයි.... මහන්සිවෙලා ඉගෙනගනිල්ලා. ඉගෙනගෙන හැදියල්ලා.
අන්න එදාට එහෙම කෙල්ලෙක් ලැබෙයි
දැන් මෙතන කියන කියන එකට අනිත්පැත්ත කියන දෙතුන් දෙනෙක් ඉන්නවනේ උන් අහයි මෙහෙම,

ඈ බන් රත්තරං මොකෝ උබට කෙල්ලෝ ඇලෙජික්ද? උබ කොහෙන් හරි හොද කෑමක් කෑවද?? පොතේම ඇලිලා ඉන්නද කියන්නේ??
අනේ නෑ බන්. මට හොද කෙල්ලෙක් ඉන්නවා. ( ඒ කාලෙත් උන්නා දැනුත් ඉන්නවා හොදේ   ). ජිවිව්තේ
ඉගෙනගත්ත දේවල් වලින් යමක් තමා මේ කියන්නේ.පොතේම ඇලිලා ඉන්නත් එපා තව හුගාක් දේවල් තියෙනවා
ජිවිතේ සතුටු වෙනගමන් සාර්තක වෙන පාර දිගේ කර කරා යන්න



ඒ එක්කම ආදරනීය නංගියේ...

මල් පත්තරේ තියෙන පපුවට ඔලුව තදකරන් ඔලුව අතගාලා ඔයා ලගටම වෙලා ඉන්න ප්‍රේමවන්තයගේ කතා මේ ලෝකේ නෑ.
මොකෝ පැය දෙකතුනක් ඔහොම ඉද්දි බඩගිනි වෙනවනේ,
නැත්නම් ලමයි කිරි ඉල්ලලා අඩනවනේ, අන්න ඒ වෙලාවට තමා ඔය සුජීව ප්‍රසන්න ආරච්චිලා වගේ අයියලා
පොතක් දෙකක් ලියලා ඒවා විකුනලා පව්ලට හාලි කිලෝ එකයි බබාට කිරි පිටි පැකට් එකයි ගෙනිහින් දෙන්නේ,
 ඒ නිසා ඔය පොත්වල තියෙන වැල් බයිලා අල්ලන් නාගන්න එපා. හොදට ජිවිතේ සකස් කරන් විභවයක් තියෙන කොල්ලෙක් හොයාගනිල්ලා,
 හැබැයි කියන්න දුකයි දැන් එහෙම කොල්ලෝ අඩුයි






Saturday, October 4, 2014

අපිට මගහැරුනු ..අපේම ආදරය .

හයිවේ හැදුවට ,අලුතින් බිල්ඩින් ගැහැව්වට අපේ උන්ට දැන් ඕන කරන්නෙ ඔය කිසිදෙයක් නෙමෙයි .මේක අපෙ උන්ට ආදරේ ඕන කාලයක් .ආප්පයක් රු 100ට විකිනෙද්දි අපේ උන් හොයන්නෙ ,අපේ උන්ගෙ හදවත්  ඉල්ලන්නෙ ආදරේ හෝල්සේල් දාපු තැනක් .
 ආදරේ ගැන කතාකරපු නිසා උඹලට දැන් එක එක IDEA ගොඩක් ඔලුවලට එන්න ඇති .ඒත් ඔය කොයි අදහසත් මස්තිශ්ක වලින් වෙන් කරගෙන මාත් එක්ක සෙට් වෙන්න .
අද මං කියන්නෙ උඹලා,අපි මේ කරන ලව් ගැන නෙමෙයි .අපි ඔය මොන මල ඉලව්ව කරන්නත් කලින් කරන පට්ටම පට්ට ආදරයක් ගැනයි අද කියන්නේ .
මේ ආදරේ ගොඩක් වෙලාවට දැනෙන්න් නෑ .අපි ඒක හොයන්නෙත් නෑ .හැබැයි අපි හෙවිය යුතු ,අපි සොයාගත යුතු ඒ ආදරේ මාර වටින ආදරයක් .
මං අහනවා උබලගෙන් ප්‍රශ්නයක් ...?
මේ ලෝකෙ මොන ආදරේ ..මොන විදියට තිබ්බත් ඒ මොන ආදරේද ?උඹලා මහ රෑ කලුවරත් එක්ක ගෙදර එනකන් මග බලන් ඉන්නෙ ?
රෑ නිදිමත ඇවිත් ඒ ඇස් නිදි කරන්න උත්සහ කරද්දිත් උඹට තියෙන ආදරේට ඒ ඇස් පියවෙන්නෙ නෑ .ඒ ඇස් නිදාගත්තත් හෙට අලුයමක් ගැන රෑ නින්දෙදි හීන දකින්නෙ මොන ආදරේද ?හැබැයි ....
අපිට ඒ ආදරේ ලැබෙනවා .මේ හැමෝටම .
අපි ඒක වැඩිය හිතන්නෙ නෑ .ඒත් කවදහරි අපි ඒ තැනට ආපු දවසක ඒ ආදරේ ගැන අපේ හදවත් පට්ට විදියට ආදරේකින් පිරෙනවා ...ඒ වෙන කෙහෙල්මල් බම්බු ආදරයක් නෙවෙයි .උඹලාව මේ ලෝකෙට බිහි කරපු උඹේම ආදර අම්මගෙ ආදරය .....

අම්මල අමු අමුවෙ ඝාතනය වන යුගයක මහ පාරවල් මැද දාල යන යුගයක උඹේ අම්මව රැකගනින් .මොකද ඒ ආදරේ ,ඒ ජීවිතේ අපිට ,මට ,උඹට ඒ තරම්ම වටින නිසා .ඒ ආදරේට අපි ආදරේ කරන්න ඕන නිසා .
සද දියකොට ..
කිරිවතුරෙන් ....
ඒ දියරෙන් මුව දෝවා ....
දිව මතුරක වන් නැළවිලි ගීයෙන් ...
මතකයි මා නැළවූවා ...
ජීවිතයෙන් ජීවිතයක් ගෙනදී ඒ ..
ජීවිතයට නව පණ දී ..
මා දැඩි කල අම්මා ..........................
ඉතින් ඇගේ මුලු ජීවිතයම අපිට කැප කරනවා නම් ඇයි ?ඇයි අපිට බැරි එක මොහොතකට ඒ ජිවිතේ වෙනුවෙන් අපේ ජීවිතෙ කැප කරන්න .
මේක පොඩි කතාවක් .....


"පුතෙක් ඉන්නවා .අම්ම කෙනෙකුත් ඉන්නව .පුතා ඉස්කෝලෙ ගිහින් ඇවිත් කොලයක් බෑග් එකෙන් අරන් විසිකරනවා ඇද යටට .පහුවදා අම්ම ගේ අස් කරනව .අම්ම අතුගාද්දි අර කොලේ දැකල ඒක අරන් කියවනවා .ඇගේ දකුනු කම්මුල දිගෙ කදුලු කැට එක දෙක රූරගෙන වැටෙනවා .කොල්ල ගෙදර ආවම් අම්ම ආදරෙන් අහනව ...."ඇයි ?පුතේ උඹ මේ මවුපිය රැස්වීමෙ කොලේ විසික්කරේ ...මට දෙන්නැතිව .කියල
කොල්ල කියනව ,"මට බෑ අම්මෙ ..අම්මව ඉස්කෝලෙට ගෙනියන්න .අම්මග් එක ඇහැක් නැති නිසා මට ලැජ්ජයි" කියල.ඒ අම්මගෙ වම් ඇහැ නෑ .ඇගේ දකුණු කම්මුල කදුලින් තෙත් වෙද්දි ඈ මෙහෙම කියනව ....
"පුතෙ උඹ දන්නවද ?උඹ ඉපදෙද්දි උඹේ වම් ඇහැක් තිබ්බෙ නෑ ..මට එදා මේ ඇහැ උඹට දෙන්න ලැජ්ජ හිතුනෙ නෑ.." කියල ..
නිරුත්තර දෑසින් කොල්ල අම්මව බදාගෙන හයියෙන් අඩනව .ඒ නිසා උඹලාටත් උඹලගෙ අම්මව මිස් වෙන්න කලින් බදාගෙන හයියෙන් ඉඹපං .ඇගේ ලැමට තුරුල් වෙලා ළයට ඇහුන්කන් දීපන් .උඹට තේරෙයි ...ඇත්ත ආදරේ මොකක්ද කියල .

අපේ අම්මල කැලෑවල දර කඩන්නෙ නැතිව ඇති ....දර ලිප්වල දැලි ගාගෙන උයන්නෙ නැතිව ඇති .ඒත් මේ හැම අම්ම කෙනෙක්ගෙම ආදරේ එක වගේ කියන එකත් ..මේ හැම අම්මගෙම ලේ කිරි වෙනව කියන එකත් මතක තියා ගනිං .ඒ ආදරෙ ඒ තරම්ම වටින ආදරයක් .
උඹට දුකක් දෙන්නෙ නැතිව ,උඹට ඕන හැමදේම අරං දීල ,උඹව ආදරෙන් බලාගන්න ,ඈට ඕන දේවල් නොගෙන උඹට ඕන දේවල් අරංදෙන්න ඒ ආදරෙ කොච්චර වටිනව ඇද්ද ?
සමහර විට උඹ රට්ටුන්ට පේන්න මහ උජාරුවට පට්ට ෆැශන් කරනව ඇති.ඒත් බලපං .අම්ම මේ අවුරුදු ගානටම එක ඇදුමක් අලුතින් අරගෙන නැතිව ඇති .දැන් මෙන්න මේ පද ටිකත් එක්ක උඹේ අම්ම ගැන හිතපං ....ඇහැට කදුලක් එනවනං ඇයි නොඅඩ ඉන්නෙ අඩපං ...උඹට අඩන්න ලැජ්ජයි වගේ නං හැංගිලා හරි අඩපං .එක කදුලක් අමම වෙනුවෙන් වැටෙන්න ඇරපං ...ඊට පස්සෙ අම්මව තදින් ඉඹපං .උඹේ අම්මව කවදාවත් නැති විදියට උඹට පෙනෙයි ...උඹට දැනෙයි .උඹ මේ ප්‍රාර්ථනය කරප .....

වෙල් දෙණිවල ඇවිදි දෙපා රිදෙන විට ....
විහඟ ගීත බණ පද වේවා..
බෝ මලුවක දැල්වෙන පහන් වැටක් සේ ....
මෙත් මග නිවී සැදේවා....
මතු උපදින සසරෙ විශාකව වී ...
මෙත් මග නෙත් හමුවේවා ..
ඇත් රැජිනියනේ  නුඹෙ නැලවිලි ගීතය ...
ලොවම නිවන කවියක් වේවා ......

මං මේක පටන් ගද්දිම කිව්වනෙ විශේෂයි කියල .ඒ මගේ අම්ම සම්බන්ධයෙන් පට්ට ආදරයක් හිතේ තියාගෙන ,ඒ හිතේ තියෙන දේ  ටයිප් කරන්න අසාර්ථක උත්සහයක යෙදෙද්දි ..මට එබෙන්නෙ මොනවද කියන එක හරියටම කියන්න අමාරුයි .අම්ම කෙනෙක්ගෙ භූමිකාවෙන් එහාට ගිහින් මහා මෙරු පර්වතේ වගේ ඉදං හැම දුකක්ම දරාගන්න අම්මට ,තියෙන ආදරේ කොහොම කියන්න්ද ?
සාමාන්‍යයෙන් උපන්දිනේට කලින් තෑගි දෙන්නෙ නෑලු ..හැබැයි මේ සිදුහත් කුමාරයට මගෙ මහමායාවට දෙන්න ලොකු පඬුරු,තෑගි නැතිකොට මේ පද පේලිය ආදරෙන් පුදකරන්නම් .
ආදරයේ උල්පත වූ අම්මා ..
මා නුඹගේ පුතු වූ ..
ඔබ  මතු බුදුවන ද්වසේ ...
මා රාහුල කුමරුන් සේ ...
සෙවණ පතා අද මෙන් පැමිනෙන්නම් ...
සුළැගිල්ලේ එල්ලී ....
උබලට මොනව හරි තේරෙන්න ඇති ...මුකුත් තේරුනේ නැත්නම් ,කවදහරි මේ කිව්ව දේ තේරෙයි .....!   

Sunday, September 21, 2014

පස්ස පැත්තේ ඇදය අමුඩයෙන් වැසීම .....

අමුඩය කියන්නෙ පිරිමි ඇන්ද ඇදුමක් .ගෑනියෙක් අමුඩයක් ඇන්ද කතාවක් කවුරුවත් අහලා නැතිව ඇති ..අමුඩ අදිනව කියනවාටත් වඩා කියන්නෙ අමුඩ ගහනවා කියල .සාමන්‍ය ජන ජීවිතයෙ අමුඩ ගහගත්ත එවුන් දැක්ක අන්තිම පරම්පරාව තමයි 1990 -1999 පරම්පරාව.ඒක නිසා අමුඩයේ අනිතිම කාල වකවානුවත් ඒ දශකය කියල කියන්න පුලුවනි ....
අද හෙන දුශ්කර පලාතක වැඩිහිටියෙක් දෙන්නෙක් අමුඩය ඇන්දත් අමුඩය කියන එක සමස්තයක් විදිහට භාවිතයෙන් බැහැරව ගිහිල්ල ...අද කාලෙ අමුඩය ගහගෙන ඉන්නවා කියන්නෙ එය ශිෂ්ට නෑ කියන වගේ එකක් තියෙනව .මොකද අමුඩෙන් වැහෙන්නෙ පිරිමි ශරීරයෙ අත්‍යවශ්‍යම කොටස විතරක් නිසා .පස්ස පැත්ත පවා හෙලුවෙන් තියෙන්නෙ ...කොටින්ම විලි වසා ගැනීමෙ ක්‍රමයට ගත්තොත් අද කාලෙ UNDERWEAR එකෙනුත් ඊට වඩා ඇග වැහෙනවා ..ඒ නිසා අද කාලෙ පොඩි එකෙක් අමුඩය ඩැදපු එකෙක් දැක්කොත් හොල්මන්ද ..පොල් කොල වගේ වෙන්න තියෙනවා ..හික්ස්
මොනව වුනත් 90 එවුන්ට කලින් පරම්පරාවල වැඩිහිටියන් එක සීරුවට අමුඩ ඇදගෙන සභාවල පවා හිටියා .ඒ කාලෙ අමුඩය කියන්නෙ පිරිමි පෞරුෂය හොදින් පිලිබිඹු වන ඇදුමක් .ඒක ඇදගෙන ඉන්න ඕන නම් තමන් ගැන හෙන ගටක් තියෙන්න ඕන .හෙන හයේ හතරේ එකෙක් අමුඩයක් ගැහුවම යකා වගේ තමා පේන්නෙ .ඒක නිසා ඒ කාලෙ පිරිමින්ට ගෙවල්වල ගෑනු කිව්වෙ මහ එකා කියල .ඒ වගෙ ලොකු ආමන්ත්‍රනයක් පිරිමින්ට ලැබෙන්න අමුඩයත් බොහෝ හේතු උනා .....
අද කාලෙ ඕන ගොබ්බ පිරිමි ශරීරයක කැත වහන්න කලිසමකට ,කමීසයකට පුලුවන් .ඒක නිස පිරිමි මේ වෙලාවෙ තමන්ගෙ පෞරුෂයට වඩා ඇදුම්වල පෞරුෂය පිලිබද විශ්වාසය තියල තියෙන්නෙ
ඒක නිසා aඅද කාලෙ පිරිමින්ට ගෙවල්වල ඉන්න  ගෑනු කතා කරන්නෙ "බබා "කියල .මහ එකා බබා වෙල .ඒක නිසා ගෑනු නිතරම පිරිමින්ට අවවාද කරන්ව ...
අරක කරන්න එපා ..මේක කරන්න එප ..එයාව ආශ්‍රය කරන්න එපා ..රෑ වෙලා ගෙදර එන්න එපා ...ඔයාලගෙ අම්මගෙ ගෙදර ගිහින් මට අහුවෙන්න එපා ...මල්ලිගෙ වෙඩින් එකට වියදම් කරල මගෙන් ගුටිකන්න එපා ...
වගේ කතා තමයි ..අද කාලෙ පිරිමි ගෑනුන්ගෙන් උදේ ඉදලම අහගන්නෙ .අයුක්තිය හමුවේ පිරිමින්ට තමන්ගෙ ස්ථාවරයේ ඉන්න පුලුවන් ගට /ශක්තිය කලිසම නිසා නැතිවෙලා ගිහින් ඇති .

එදා මිනිස්සු වත්ත පිටියෙ හැම වැඩ කටයුත්තක්ම කලේ අමුඩය පිටින් .විශේශයෙන් කුඹුරු වැඩ කල්ලෙම අමුඩය පිටින් .අද කාලෙත් කුඹුරු සම්බනදයෙන් වන රාජ්‍ය උත්සව වලදී ගොවීන් කියල වී මෝල් කාරයන්ට හොද කිරි කිරි පාට අමුඩ අන්දලා ඇමතියො එන වෙලාවට වෙලට බස්සනවා .ඒ අයත් ජීවිතේට ඇදපු නැති අමුඩය ගහගෙන ...ජනාධිපතිතුමාගෙත් අවධානය ලැබේවායි කියාගෙන බොහොම කැමැත්තෙන් අදිනවා ..TV චැනල් වලින් ජාතික ආලෙ හදාන්න මේ අමුඩේ හොදට පේන විදිහට කැමරා අල්ලනවා .පත්තරවලින් පොටෝ ගහගන්නවා .ඊට පස්සෙ ඒ අමුඩ ඇමති වරුන් එක්ක සම්බන්ධ කරලා  TV චැනල් වල පත්තරවල දානවා ..එතකොට අර කුඹුරුවලට බැහැපු මෝල් හිමියන් මේ ලෝකයෙන් වහන් හිටපු ඇගවල්වල කැත  සමාජය ඉදිරියේ පෙන්නනවා .ඊට පස්සෙ එයාලගෙ ලමයි ගේම ඉල්ලනවා ..පන්තියේ එවුන් "උඹලගෙ තාතගෙ කලු *ක TV එකෙ පෙන්නුවා "කියල විහිලු කරනවා .ඒ නිසා ඉස්කෝලෙ යන්න බෑ කියල කියනවා .තව එකෙක් ගාව පත්තරේ ගිහිපු පොටෝ එකකුත් තියෙනවා කියල උන් අඩනවා.ගෑනු ගේම ඉල්ලන්වා .අමුඩෙ ගහපු එකාගෙ යාලුවො විහිලු කරනවා .දැන් ඉතින් රෙදි ඇදන් හිටියට වැඩක් නෑ ..උබේ *ක ලංකාවම දැක්ක කියනවා .ඒක නිසා ඒ කාලෙ වගේ නෙමේ විනාඩි දෙක තුනකට උනත් අමුඩයක් ඇදීමෙන් අද දවසේ කෙලවීමට නියමිත කාරණා තියෙනව .
අද කාලෙ මිනිස්සු අමුඩය මග හැරීම හෙන සංවර්ධනයක් විදියට දකිනවා .උන් හීන මවන්නෙ තවදුරටත් සපත්තු මේස් දාල ,ලොකු කලිසම් ටී ශර්ට් ඇදගෙන ලොකු තැන්වල වැඩ කරල ,ලොකු තැනකින් අසාද බැදල ..ලොකු කාර් වලින් ඇවිදල ..,හැන්දෑවට ලොකු තැනකින් කෑම අරන් ,ලොකු ගේට්ටුවක් ඇරල ,ලොකු වත්තක ,තඩි බල්ලෙක් මැදි කරගෙන ,ලොකු ගෙයක් ඇතුලට යන්න හීන මවන එක .අද දවසේ දී 90 එවුන් පවා එහෙමයි .ඒත් ඉතින් *කේ ඇදය අමුඩෙන් වහන්න බෑ කියන කතාවත් කොහෙන් හරි උනට ඇහිල..