එලකිරි එකේ අයිය කෙනෙක් අපේ කොල්ලන්ට දීපු පට්ටම පට්ට ටෝක්ස් ටිකක් ...සදාචාරත්මක වෙන්න ඕන නිසා සමහර ඒව ටිකක් වෙනස් කලා ...
මම කට්ට කාලා හදාගත්ත ජීවිතෙන් උබලට කියන්න ඕනේ දේවල් හුගාක් කියලා දුන්නා. සමහර දේවල් හරි ඇති.
සමහර දේවල් වැරදි ඇති.. සමහර දේ වලට උබලා එකග ඇති.. සමහර දේ වලට උබලා එකග නැතුව ඇති.අද කියන්න යන්නේ
මේ එලකිරියේ ඉන්න මල්ලිලාට විශේශිත කතාවක්. හැබැයි මම දන්නවා මේකට උබලා එකග වෙන්නේ නෑ.
මොකද අපේ ආතලා මේක කියනකොට අපේ තාත්තලා එකග උනේ නෑ. තාත්තලම ඒක තේරුම් අරන් කියනකොට අපිට ඒක තේරුනේ නෑ.
අපිත් තේරුම් අරන් කියනකොට ඒක අපේ දරුවන්ට තේරෙන්නේ නෑ. ඒත් මේ කියන්න
යන්නේ එක් යතාර්තයක්... ජීවිතේට ගන්න පුලුවන් දෙයක්
කෙල්ලෝ.....
ඔව් අපේ මල්ලිලට ලොකු සබ්ජෙක්ට් එකක්...
හුගාක් ඔය ඕලෙවල් පන්තිවල ඉස්සරහින්ම ඉන්න බ්‍රයිට් "ක්‍රියාශීලී" (පොත් ගුල්ලෝ නෙමේ ) කොල්ලෝ ටික ඒලෙවල් ඇනගන්නෙත්
ඒ ලෙවල් වල ඉන්න හොද බ්‍රයිටෝ ඇනගන්නෙත් ඔය ගෑනු සබ්ජෙට් එක නිසා තමා
ඇයි පොඩි කොල්ලෝ මැරීගෙන කෙල්ලො පස්සේ ගිහින් කෙලවගන්නේ.
පලවෙනි සාදකේ මුන්ගේ තියෙන හෝමෝන ක්‍රියාකාරිත්වය
දෙවෙනි එක සෙට් එකේ පොරක් වෙන්න ඕනේයි කියන මානසිකත්වය
තුන්වෙනි එක ඔය හතට අටට යන පිස්සු පීකුදු ටෙලිනාට්ටි ටිකයි, සුජිව අයියා ප්‍රමුක හාල් පාරුවෝ සෙට් එක
එදා වේල හොයන් දරුපව්ල නඩත්තු කරන්න ලියන පොත් සෙට් එක වගේ දේවල්
ජිවිතේ ඉසෙල්ලම කෙල්ලෙක්ට හිතගියාම මූ හිතන්නේ මේක තමා
භාන්ඩේ මෙතනින් එහාට ලෝකයක් නෑ. මේක නැතුව මොකුත් බෑ වගේ
ඒකම කේන්ද්‍ර කරගත්ත සිතුම් පැතුම් සමූහයක්. එතින් ඔය සබ්ජෙක්ට් එකෙන් තමන්ගේ අද්යාපනයට 100ට 100ක්ම පහර වදිනවා
ඔය කියන තරම් එකා මත්තෙම මැරෙන්න කෙල්ලෝ හිගද?
ඔය ප්‍රශ්නේ පොඩි එකෙක්ගෙන් ඇහුවොත් කියයි හපෝයි ඔව්.
ආයේ කොහොම එයා වගේ කෙනෙක් හොයන්නද කියලා.
27-28 වෙච්ච හොදට ඉගෙනගත්ත හොද රස්සාවක් කරන ජීවිතේ හදාගත්ත එකෙක්ගෙන් අහලා බලපන්කෝ ඔය ප්‍රශ්නේ..
උන් කියයි ඕකත් අහන්නත් දෙයක්ද ඔය ලාහට ගනින්න ඕනේ තරම් ඉන්නේ හියලා.ඔය කෙල්ලන්ගේ අම්මල තාත්තලට දීගන්න බැරුවයි
කෙල්ලන්ගෙන් 75%ක්ම ඉන්නේ,. වෙන මොකුත් නිසා නෙමේ ගැලපෙන කොල්ලො නැති නිසා..
25 පැන්නගමන් කෙල්ලන්ගේ සේරම් ගෑස් බැහැලා පූස් පැටව් වගේ වෙනවා.
හැබැයි ඒ යම් විභවයක් තියෙන කොල්ලෝ ඉස්සරහදි විතරයි... අවන්කවම මල්ලියේ හිතේ තියෙන පුහු මන්සගාත අත ඇරලා හොදට ඉගෙනගනිල්ලා.
අනික ඔය පොඩි කාලේ ඉන්න කෙල්ලෝ නෙමේ ලොකු උනාම ඉන්නේ (බහුතරයක් )
උබට ජීවිතේ වැරදුනු තැනදි උබ හිතන්නේ නැති වේගෙන් හැමදේම කඩන් වැටෙනවා. පොඩි කාලේ අපි කෙල්ලෙක් දිහා බැලුවොත් කෙල්ලන්ගේ
අම්මලා තාත්තලා රවලා බලන්නේ කන්න වගේ. ඒත් උබ ටිකක් ඉගෙනගෙන හොද තැනකට ඇවිත් බලපන්කෝ..
අහල පහල නෑදෑයින්ගේ කෙල්ලො ඉන්න දෙමව්පියෝ වඩාගන්නේ නැති ටික විතරයි.
ඇත්තම කතාව මේකයි මල්ලියේ.. ලංකාවේ කෙල්ලො හිගයක් නෙමේ තියෙන්නේ,
හිගයක් තියෙන්නේ කොල්ලන්ගේ. ඕනකරන හැමදේම තිබ්බට කොල්ලෙක් වෙන්නේ නෑනේ මල්ලියේ.
යමක් කමක් හදාගත්ත, ඉගෙනගත්ත, විභවයක් තියෙන කොල්ලො තමයි නැත්තේ.
පොඩ්ඩක් ඔය හොයලා බලපන්කො හොද තත්වෙක ඉන්න අය්යලට එහෙම ගෑනු හොයන්න මහ ලොකු ගේමක් දෙන්න උනාද කියලා
(එහෙමත් හාල් පාරුවෙක් ඇරෙන්න ). ඒත් ගෙවල්වල කොච්චර කෙල්ලෝ ඉන්නවද කසාද බදින්න කොල්ලෝ නැතුව
අනික මල්ලියේ හුගාක් වෙලාවට හොද කෙල්ලෝ ඔය ලාභ බඩු වගේ එක එකා එක්ක එල්ලි එල්ලි යාලු වෙන්නේ නෑ,
උබලටත් නංගිලා අක්කලා ඉන්නවනම් සන්සන්දනේ කරලා බලන්න පුලුවන්.
ඕනේ තරම් රත්තරං කෙල්ලෝ ගෙවල්වල ඉන්නවා අම්ම තාත්ත එක්ක බොහොම යස අගේට.
වැඩේ තියෙන්නේ උබ තත්වය හදාගන්න ඕනේ ඒවගේ කෙල්ලෙක් ලබාගන්න, හැබැයි ඒ වැඩේ කරන්න ටියුශන් කට්කරලා බස් හෝල්ට් ගානේ ලැගලවත්,
ක්ලාස් ගානේ ලැගලවත් ස්කූල් බස් වල සෙවල පෙරලවත් බෑ. එහෙම උනොත් උබට ලැබෙන්නෙත් උබ වගේම බාග මෝලෙන් ඉන්න ගම් බඩ්ඩක් තමා.
ඒනිසා ආයෙම ආයෙම කියන්නේ අම්ම තාත්තගේ හීන කොහෙවත් යන ජ** වලට පාවා දෙන්නේ නැතුව ඉගෙනගනිල්ලා. ජීවිතේ හදාගනිල්ලා
පොශ් බ** හා ගොන් බ** අතර වෙනස
ඔය 17-22 අතර ඉන්න මල්ලිලා ඔන්න ඔය දෙක වගුවක (පොශ් බ** හා ගොන් බ** අතර වෙනස
) කාරනා කාරනා ලියල තියාගෙන ඉදලා බලපල්ලා. අනිවා කියන්නේ උබ ආයෙම ඕක ලියන්න ගත්තොත්
අව්රුදු 27/28 දි විතර උබලා ඕකේ දෙපැත්ත මාරු කරලා ලියන්නේ.
ඉස්සෙල්ලම මල්ලියේ උබෙන් ඇහුවොත් කියයි සුදු වෙන්න ඕනේ, මට හුගාක් ආදරේ කරන්න ඕනේ, කොන්ඩේ මෙහෙම වෙන්න ඕනේ,
,මම ලගින්ම ඉන්න රත්තරං නංගියෙක් වෙන්න ඕනේ වැල් බයිලා රාශියක්.
උබ ඕක ඇහුවිත් තැනක ඉන්න ජිවිතේ දින්න එකෙක්ගෙන් උබට මොනවගේ කෙල්ලෙක්ද ඕනේ කියලා ඌ කියයි අනිවා ඉගෙනගත්ත එකියක් වෙන්න ඕනේ බන්,
නැත්නම් කොහොමද එකට ජීවත් වෙන්නේ ජීවිතේ ගෙනියන්නේ, ලමයිනුත් මැට්ටෝ වෙනවනේ බන්,
හොද අවබෝදයෙන් ජිවත් වෙන්න බුද්දියක් තියෙන්න ඕනේ, හදිස්සියේ ලෙඩක් අසනීපයක් උනොත් පව්ල ඇදන් යන්න පුලුවන් වෙන්න ඕනේ,
ඔන්න ඔහොම උබේ මතයට සම්පූර්න වෙනස් උත්තරයක් දෙයි, හැබැයි මල්ලියේ ඒ වගේ තැනකට එන්න උත්සාහ කරන හෝ ඒ මාර්ගයේ ගමන් කරන කෙල්ලෙක්
උබලට ජීව්තේට බස් හෝල්ට් ගානේ ලැගලා ක්ලාස් ගානේ ලැගලා හොයන්න බෑ, එකම විකල්පයයි.... මහන්සිවෙලා ඉගෙනගනිල්ලා. ඉගෙනගෙන හැදියල්ලා.
අන්න එදාට එහෙම කෙල්ලෙක් ලැබෙයි
දැන් මෙතන කියන කියන එකට අනිත්පැත්ත කියන දෙතුන් දෙනෙක් ඉන්නවනේ උන් අහයි මෙහෙම,
ඈ බන් රත්තරං මොකෝ උබට කෙල්ලෝ ඇලෙජික්ද? උබ කොහෙන් හරි හොද කෑමක් කෑවද?? පොතේම ඇලිලා ඉන්නද කියන්නේ??
අනේ නෑ බන්. මට හොද කෙල්ලෙක් ඉන්නවා. ( ඒ කාලෙත් උන්නා දැනුත් ඉන්නවා හොදේ ). ජිවිව්තේ
ඉගෙනගත්ත දේවල් වලින් යමක් තමා මේ කියන්නේ.පොතේම ඇලිලා ඉන්නත් එපා තව හුගාක් දේවල් තියෙනවා
ජිවිතේ සතුටු වෙනගමන් සාර්තක වෙන පාර දිගේ කර කරා යන්න
ඒ එක්කම ආදරනීය නංගියේ...
මල් පත්තරේ තියෙන පපුවට ඔලුව තදකරන් ඔලුව අතගාලා ඔයා ලගටම වෙලා ඉන්න ප්‍රේමවන්තයගේ කතා මේ ලෝකේ නෑ.
මොකෝ පැය දෙකතුනක් ඔහොම ඉද්දි බඩගිනි වෙනවනේ,
නැත්නම් ලමයි කිරි ඉල්ලලා අඩනවනේ, අන්න ඒ වෙලාවට තමා ඔය සුජීව ප්‍රසන්න ආරච්චිලා වගේ අයියලා
පොතක් දෙකක් ලියලා ඒවා විකුනලා පව්ලට හාලි කිලෝ එකයි බබාට කිරි පිටි පැකට් එකයි ගෙනිහින් දෙන්නේ,
ඒ නිසා ඔය පොත්වල තියෙන වැල් බයිලා අල්ලන් නාගන්න එපා. හොදට ජිවිතේ සකස් කරන් විභවයක් තියෙන කොල්ලෙක් හොයාගනිල්ලා,
හැබැයි කියන්න දුකයි දැන් එහෙම කොල්ලෝ අඩුයි