අද හෙන දුශ්කර පලාතක වැඩිහිටියෙක් දෙන්නෙක් අමුඩය ඇන්දත් අමුඩය කියන එක සමස්තයක් විදිහට භාවිතයෙන් බැහැරව ගිහිල්ල ...අද කාලෙ අමුඩය ගහගෙන ඉන්නවා කියන්නෙ එය ශිෂ්ට නෑ කියන වගේ එකක් තියෙනව .මොකද අමුඩෙන් වැහෙන්නෙ පිරිමි ශරීරයෙ අත්‍යවශ්‍යම කොටස විතරක් නිසා .පස්ස පැත්ත පවා හෙලුවෙන් තියෙන්නෙ ...කොටින්ම විලි වසා ගැනීමෙ ක්‍රමයට ගත්තොත් අද කාලෙ UNDERWEAR එකෙනුත් ඊට වඩා ඇග වැහෙනවා ..ඒ නිසා අද කාලෙ පොඩි එකෙක් අමුඩය ඩැදපු එකෙක් දැක්කොත් හොල්මන්ද ..පොල් කොල වගේ වෙන්න තියෙනවා ..හික්ස්
මොනව වුනත් 90 එවුන්ට කලින් පරම්පරාවල වැඩිහිටියන් එක සීරුවට අමුඩ ඇදගෙන සභාවල පවා හිටියා .ඒ කාලෙ අමුඩය කියන්නෙ පිරිමි පෞරුෂය හොදින් පිලිබිඹු වන ඇදුමක් .ඒක ඇදගෙන ඉන්න ඕන නම් තමන් ගැන හෙන ගටක් තියෙන්න ඕන .හෙන හයේ හතරේ එකෙක් අමුඩයක් ගැහුවම යකා වගේ තමා පේන්නෙ .ඒක නිසා ඒ කාලෙ පිරිමින්ට ගෙවල්වල ගෑනු කිව්වෙ මහ එකා කියල .ඒ වගෙ ලොකු ආමන්ත්‍රනයක් පිරිමින්ට ලැබෙන්න අමුඩයත් බොහෝ හේතු උනා .....
අද කාලෙ ඕන ගොබ්බ පිරිමි ශරීරයක කැත වහන්න කලිසමකට ,කමීසයකට පුලුවන් .ඒක නිස පිරිමි මේ වෙලාවෙ තමන්ගෙ පෞරුෂයට වඩා ඇදුම්වල පෞරුෂය පිලිබද විශ්වාසය තියල තියෙන්නෙ
ඒක නිසා aඅද කාලෙ පිරිමින්ට ගෙවල්වල ඉන්න ගෑනු කතා කරන්නෙ "බබා "කියල .මහ එකා බබා වෙල .ඒක නිසා ගෑනු නිතරම පිරිමින්ට අවවාද කරන්ව ...
අරක කරන්න එපා ..මේක කරන්න එප ..එයාව ආශ්‍රය කරන්න එපා ..රෑ වෙලා ගෙදර එන්න එපා ...ඔයාලගෙ අම්මගෙ ගෙදර ගිහින් මට අහුවෙන්න එපා ...මල්ලිගෙ වෙඩින් එකට වියදම් කරල මගෙන් ගුටිකන්න එපා ...
වගේ කතා තමයි ..අද කාලෙ පිරිමි ගෑනුන්ගෙන් උදේ ඉදලම අහගන්නෙ .අයුක්තිය හමුවේ පිරිමින්ට තමන්ගෙ ස්ථාවරයේ ඉන්න පුලුවන් ගට /ශක්තිය කලිසම නිසා නැතිවෙලා ගිහින් ඇති .
එදා මිනිස්සු වත්ත පිටියෙ හැම වැඩ කටයුත්තක්ම කලේ අමුඩය පිටින් .විශේශයෙන් කුඹුරු වැඩ කල්ලෙම අමුඩය පිටින් .අද කාලෙත් කුඹුරු සම්බනදයෙන් වන රාජ්‍ය උත්සව වලදී ගොවීන් කියල වී මෝල් කාරයන්ට හොද කිරි කිරි පාට අමුඩ අන්දලා ඇමතියො එන වෙලාවට වෙලට බස්සනවා .ඒ අයත් ජීවිතේට ඇදපු නැති අමුඩය ගහගෙන ...ජනාධිපතිතුමාගෙත් අවධානය ලැබේවායි කියාගෙන බොහොම කැමැත්තෙන් අදිනවා ..TV චැනල් වලින් ජාතික ආලෙ හදාන්න මේ අමුඩේ හොදට පේන විදිහට කැමරා අල්ලනවා .පත්තරවලින් පොටෝ ගහගන්නවා .ඊට පස්සෙ ඒ අමුඩ ඇමති වරුන් එක්ක සම්බන්ධ කරලා TV චැනල් වල පත්තරවල දානවා ..එතකොට අර කුඹුරුවලට බැහැපු මෝල් හිමියන් මේ ලෝකයෙන් වහන් හිටපු ඇගවල්වල කැත සමාජය ඉදිරියේ පෙන්නනවා .ඊට පස්සෙ එයාලගෙ ලමයි ගේම ඉල්ලනවා ..පන්තියේ එවුන් "උඹලගෙ තාතගෙ කලු *ක TV එකෙ පෙන්නුවා "කියල විහිලු කරනවා .ඒ නිසා ඉස්කෝලෙ යන්න බෑ කියල කියනවා .තව එකෙක් ගාව පත්තරේ ගිහිපු පොටෝ එකකුත් තියෙනවා කියල උන් අඩනවා.ගෑනු ගේම ඉල්ලන්වා .අමුඩෙ ගහපු එකාගෙ යාලුවො විහිලු කරනවා .දැන් ඉතින් රෙදි ඇදන් හිටියට වැඩක් නෑ ..උබේ *ක ලංකාවම දැක්ක කියනවා .ඒක නිසා ඒ කාලෙ වගේ නෙමේ විනාඩි දෙක තුනකට උනත් අමුඩයක් ඇදීමෙන් අද දවසේ කෙලවීමට නියමිත කාරණා තියෙනව .
අද කාලෙ මිනිස්සු අමුඩය මග හැරීම හෙන සංවර්ධනයක් විදියට දකිනවා .උන් හීන මවන්නෙ තවදුරටත් සපත්තු මේස් දාල ,ලොකු කලිසම් ටී ශර්ට් ඇදගෙන ලොකු තැන්වල වැඩ කරල ,ලොකු තැනකින් අසාද බැදල ..ලොකු කාර් වලින් ඇවිදල ..,හැන්දෑවට ලොකු තැනකින් කෑම අරන් ,ලොකු ගේට්ටුවක් ඇරල ,ලොකු වත්තක ,තඩි බල්ලෙක් මැදි කරගෙන ,ලොකු ගෙයක් ඇතුලට යන්න හීන මවන එක .අද දවසේ දී 90 එවුන් පවා එහෙමයි .ඒත් ඉතින් *කේ ඇදය අමුඩෙන් වහන්න බෑ කියන කතාවත් කොහෙන් හරි උනට ඇහිල..

No comments:
Post a Comment